Home News Breaking උරණ වූ මවට දරුවා ද අමතක වෙයි – VIDEO

උරණ වූ මවට දරුවා ද අමතක වෙයි – VIDEO

489 views
SHARE

ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලකට පැමිණි මවක් ඉන්ධන ලබාගැනීමට ප්‍රමාද වීමෙන් උරණ වී සිය දරුවාද එහි දමා යතුරුපැදිය පණ ගන්වා පිටව ගිය ප්‍රවෘතියක් දඹුල්ලෙන් වාර්තා වනවා.

එම සිද්ධිය පිරවුම්හලේ ආරක්‍ෂිත කැමරා දෙකක සටහන්වී තිබෙන අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණා.

කුඩා දියණියක් ද සමගින් යතුරු පැදියකට ඉන්ධන ලබාගැනීමට මේ කාන්තාව පැමිණෙන විටත් පිරවුම්පලේ වාහන කීපයක් තිබෙනු දක්නට ලැබී තිබෙනවා.

ඇයගේ වාරය එනතුරු සිටියදී වෙනත් ත්‍රීරෝද රථයක් පැමිණ එම යතුරු පැදියට ඉදිරියෙන් නැවතූ නිසා ඉන්ධනහලේ සේවකයා ඇගේ යතුරුපැදියට ඉන්ධන ලබාදීමට පෙර ත්‍රීරෝද රථයට ඉන්ධන දීම නිසා උරණවූ කාන්තාව වහා සිය යතුරු පැදිය පණ ගන්වා පවනට බදු වේගයෙන් පිටව යන්නට ගියේ තමන් සමග පැමිණි කුඩා දියණිය ද අමතක කරලමින්.

දරුවා යතුරු පැදිය පිටුපසින් මීටර් 300ක් පමණ දිව යද්දී ඉන්ධනපොලේ සේවකයන් හා අවට සිටි පිරිස් කෑ කෝ ගසා මවගේ යතුරුපැදිය නවතා දියණිය රැගෙන යන ලෙස දැනුම් දී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site