Home News Breaking මහනුවර පාසලක වහලයක් සිසුන් මතට කඩා වැටෙයි

මහනුවර පාසලක වහලයක් සිසුන් මතට කඩා වැටෙයි

221 views
SHARE

මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ සිරිමල්වත්ත මහ විදුහලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් අධ්‍යාපනය ලබමින් සිටි ගොඩනැඟිල්ලේ වහලයේ ‍කොටසක් ඊයේ (30) පෙරවරු 10ට පමණ කඩා වැටීමෙන් ගුරුවරයකු සහ සිසුන් 21 දෙනකු තුවාල ලබා තිබෙනවා.

සිසුන් සිව්දෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගොඩනැඟිල්ලේ සිසුන් 43දෙනකු සිටි බවයි වාර්තා වන්නේ.

ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටෙන අවස්ථාවේ සිසුන් මෙවර වාර විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියමින් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම විදුහල්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

දැනට මහනුවර මහරෝහලේ ළමුන් 13දෙනකු ප්‍රතිකාර ලබන අතර යක්ගහපිටිය රෝහලට ඇතුළත් කළ ගුරුවරිය හා ළමුන් ප්‍රතිකාර ගෙන ඊයේ (30) දහවල් රෝහලින් පිටව ගොස් තිබෙනවා.

දශක ගණනාක් පැරණි මෙම ගොඩනැඟිල්ලේ වහලය බෙහෙවින් අබලන්ව තිබී ඇති අතර දිරාපත් වූ වහලයේ මුදුන් ලීයට මුක්කු ගසා තිබූ බව මවුපියෝ සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site