Home News Breaking මිලියන 14ක කුඩු ගුවන්යානයකින් මතුවෙයි

මිලියන 14ක කුඩු ගුවන්යානයකින් මතුවෙයි

256 views
SHARE

මාලදිවයින සිට පැමිණි ගුවන්යානයක තිබුණු හෙරොයින් මත්කුඩු කිලෝ 1.3ක ප්‍රමාණයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සොයාගෙන තිබෙනවා.

ගුවන් තොටුපල රේගුවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී යානය තුළ තිබී මෙලෙස හෙරොයින් සොයාගත් බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක ප්‍රකාශ කළේ.

මෙම කුඩු තොගයේ වෙළඳපළ වටිනාකම මිලියන 14ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එම යානය ඊයේ රාත්‍රී 01.05 පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගය රැගෙන පැමිණි පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ අනාවරණය කර ගැනීම සඳහා රේගු නිළධාරින් එම යානයෙන් පැමිණි මගීන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site