Home News Breaking බන්ධනාගාර බස් රථ ප්‍රහාරයට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

බන්ධනාගාර බස් රථ ප්‍රහාරයට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

190 views
SHARE

කළුතර බන්ධනාගාර රැදවීයන් ප්‍රවාහනය කළ බස් රථයට ප්‍රහාර එල්ල කිරිම සඳහා යොදා ගත් වෑන් රථය සගවා තබාගෙන ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා .

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය මඟින් මොරටුව, බණ්ඩාරගම ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සැකකරුවන් මොරටුව සහ බණ්ඩාරගම ප්‍රදේශයන්හි පදිංචි 48 හැවිරිදි සහ 51 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බව තහවුරු වී ඇත.

ඔවුන් විසින් අදාල වැන් රථය පෙබරවාරි මස 06 වනදා සීදුව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ව්‍යාජ අංක තහඩු සවි කර ළඟ තබාගෙන තිබේ.

පසුව ඔවුන් අපරාධය සිදු කිරිම සඳහා වෑන් රථය ලබාදී ඇති අතර අපරාධය සිදු කිරිමෙන් පසු ව්‍යාජ අංක තහඩු ඉවත් කර නිවැරැදි අංක තහඩු සවිකර මොරගහහේන ප්‍රදේශයේ දමාගොස් ඇති බව පොලිසිය පවසයි.

අපරාධය සිදු කිරිම සඳහා යොදාගත් ඇදුම් ද කිදෙල්පිටිය ප්‍රදේශයේ පුළුස්සා දමා ඇති බව ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලින් අනාවරණය වී තිබේ.

එම ස්ථානයේ තිබී ඔවුන් භාවිත කළ ව්‍යාජ අංක තහඩු 02ක් සහ බූට් සපත්තු ජෝඩු 06ක් ද සොයාගත් බව පොලිසිය තව දුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු 2011 වර්ෂයේදී ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිට ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ.

සැකකරුවන් අද (31) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site