Home News International දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය අත්අඩංගුවට

දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය අත්අඩංගුවට

204 views
SHARE

දූෂන චෝදනාවක් සම්බන්ධයෙන් දකුණු කොරියාවේ හිටපු ජනපතිනි පාර්ක් ජියුන් හයි අත්අඩංගුවට ගෙන තිබෙනවා.අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සහා තින්දු කිරීමෙන් අනතුරුව ඇයව සෝල් නඟරයේ රැඳවුම් මධ්‍යස්ථානයනකට ගෙන ගොස් තිබෙනවා.

ඇයට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ ඇගේ සමීපතම මිතුරියක වූ චෝයි සූන් සිල් හට රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට පහසුකම් සැලසීම සඳහා අයුතු ලෙස බලය පාවිච්චි කිරීමයි. මේ මාසයේ මුලදී බලයෙන් පහකළ හිටපු ජනාධිපතිනිය ඇයට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා. පාර්ක් ජියුන් හයි දකුණු කොරියාව පාළනය කළ ජනාධිපති වරුන් අතරින් අපරාධ චෝදනාවකට අත්අඩංගුවට ගත් තුන්වැන්නා ලෙසයි සැලකෙන්නේ.සෝල් හි මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය අල්ලස් චෝදනා , බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ රජයේ රහස් හෙලිකිරීම යනාදී ‍චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන අතරතුර ඇයව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළා.

හිටපු ජනපතිනියගේ ආධාරකරුවන් ඇයට සහය පළ කරමින් අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට රැස්ව සිටියා. ඇයට එරෙහි චෝදනා නිල වශයෙන් විභාගයට ගැනීමට පෙර දින විස්සකඅ පමණ කාලයක් රඳවා තබාගැනීමට ඉඩ ඇති බව සඳහන්. යම් හෙයකින් ඇය එම චෝදනාවට වරදකරුවුවහොත් වසර 10කටත් වැඩි කාලයක් සිර දඬුවම් විඳීමට සිදුවන බවයි වාර්තා වන්නේ.