Home News Breaking විමල් ගේ උපවාසය රංගනයක් වී උපහාසයට ලක්වූ හැටි

විමල් ගේ උපවාසය රංගනයක් වී උපහාසයට ලක්වූ හැටි

505 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අනිවාර්යයෙන්ම උපවාසය අත්හරින බව දැනසිටියේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි.

උපවාස කළ පමණින් ඇප ලබාදීමට අධිකරණය බැඳී නොසිටින බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මීට ඉහතදී මෙවැනිම උපවාසයක නිරත වූ ආකාරය සිහිපත් කළ ඔහු, ඒ අවස්ථාවේ මෙන්ම මෙවර ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ රංගනය අසාර්ථක වූ බවත් සඳහන් කළා

විමල්ගේ අරමුණ ඉටුවුණාද?

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ ජාතික රෝහලේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සතියකට අධික කාලයක් නිරතවුණු උපවාසය මහා සංඝරත්නයේ ඉල්ලීම් පරිදි අතහැර දැමීමට තීරණය කළ බවයි.

“මහා සංඝරත්නය විරවංශ මන්ත්‍රීවරයාට දැනුම්දී සිටියා, එතුමා මිය ගිහින් මේ රටට කරන සේවයට වඩා වැඩි සේවයක් එතුමාට ජිවත් වෙලා කරන්න පුළුවන්, ඒ නිසා මේ උපවාසය අත්හරින්න කියලා” යැයි ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මින් පෙර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විමල් විරවංශ මන්ත්‍රීවරයා යෙදුනු උපවාසය මෙන්ම මෙම උපවාසය ද අරමුණ ඉටු නොවී අවසන් වුයේ නොවේදැයි එහි පැමිණ සිටි රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ “නැහැ, උපවාසය පටන් ගත්තේ ඔහුට වුන අසාධාරණයක් වෙනුවෙන්, නමුත් යුතුකම ඉටුවුණේ නැතත් මහ සංඝරත්නයට ගරු කරන එක සුභවාදී දෙයක්”

ඇතැම් අවස්ථාවලදී කරන සැම දේම සාර්ථක නොවන නමුත් එයින් රටට පණිවිඩයක් ලැබුණු බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ (30) සිය උපවාසය අත්හැරීමට තීරණය කළේය.

දුෂණ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වීරවංශ මන්ත්‍රීවරයා සිය ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය.

ජාතික රෝහලට ඊයේ පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසී ය

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site