Home News Breaking සිංගිමලේ දුම්රිය උමග තුළ සිදු කල දැවැන්ත ජාවාරමක් හසුවෙයි – PHOTOS

සිංගිමලේ දුම්රිය උමග තුළ සිදු කල දැවැන්ත ජාවාරමක් හසුවෙයි – PHOTOS

574 views
SHARE

ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය වන හැටන් සිංගිමලේ දුම්රිය උමග තුළ බැඳ තිබෙන වැහිලිහිණි කූඩු කඩා අලෙවි කිරීමට සූදානම් කර තිබියදී එම වැහිලිහිණි කූඩු තොගය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ(30දා) හැකිවූ බව හැටන් පොලීසිය සඳහන් කරනවා.

මෙම සැකකරු කාලයක් තිස්සේ මෙම උමග තුළ මෙම ක්‍රියාව සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වූ බවයි හැටන් පොලීසිය සඳහන් කරන්නේ.

එම වැහිලිහිණි කූඩුවල මැලියම් විශේෂයක් සුප් වර්ගයක් සෑදීම යොදාගන්නා අතර, ඒ හෙයින් තරු පහේ හෝටල්වල මේ සඳහා අධික ඉල්ලුමක් පවතින බවයි සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම වැහිලිහිණි කූඩු තොගය ඉතා රහසිගතව සඟවා තිබියදී සොයාගැනීමට හැකිවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

වනජීවී ආඥා පනතට අනුව වැහිලිහිණි කූඩු කඩාදැමීම සපුරා තහනම් බවත් පොලීසිය කියා සිටියා.

ඒ අනුව මෙම සැකකරු අද(31දා) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site