Home News Sports ඇන්ජලෝ මැතිව්ස් හෙට තරගෙටත් නෑ – කණ්ඩායමේ කළමණාකරු කියයි

ඇන්ජලෝ මැතිව්ස් හෙට තරගෙටත් නෑ – කණ්ඩායමේ කළමණාකරු කියයි

313 views
SHARE

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩයාම අතර හෙට (01 වැනිදා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තුන්වැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව කී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට තුන්වැනි එක්දින තරගයත් අහිමි වී ඇති බව වාර්තා වනවා.

එ අනුව හෙට තරගය සඳහා නම් කර ඇත්තේ ක්‍රීඩකයන් 12 දෙනකු පමණක් බවත් ඇන්ජලෝ මැතිව්ස් ඊට ඇතුළත්ව නැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ සඳහන් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

එසේම බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමීත 20-20 තරග ද්විත්වයේදි මැතිව්ස් ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවත්, තමන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තෙරිම් කමීටුවේ බලාපොරොත්තුව දෙවැනි 20-20 තරගයට හෝ ඇන්ජලෝ මැතිව්ස්ව සහභාගී කරවා ගැනිම යැයිද ගුරුසිංහ සඳහන් කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගිය දකුණු අප්‍රිකා සංචාරයේදී අබාධයකට ලක්වු අතර ඔහු මේවන විට සුව අතට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site