Home News Breaking යශෝදරාවේ ගේට්ටුව මහානාමේ විදුහල්පති හදයි

යශෝදරාවේ ගේට්ටුව මහානාමේ විදුහල්පති හදයි

376 views
SHARE

කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන් පිරිසක් කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයට බලාගත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද විභාගයට ගැනුණා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඉදිරියේදීයි.

තම විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවට රුපියල් අනූ දහසක අලාභයක් සිදුව ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි එහිදී යශෝදරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අධිකරණය හමුවේ සඳහන් කළේ.

සිදුවූ අලාභය පියවීමට හැකිනම් මෙම නඩුව සමතයකට පත්කර ගැනීමට තමන් කැමති බව ද විදුහල්පතිනිය ප්‍රකාශ කර තිබෙනවා.

ඊට මහානාම විද්‍යාලයේ විදුහල්පතිවරයා එකඟතාව පල කළ අතර අදාල නඩුව ලබන මැයි මස 02 වනදා යළි කැඳවීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site