Home News Breaking “සමයංව මරන්න ප්ලැන් කලේ මෙතැනයි” – බන්ටි සියල්ල වමාරයි PHOTOS

“සමයංව මරන්න ප්ලැන් කලේ මෙතැනයි” – බන්ටි සියල්ල වමාරයි PHOTOS

630 views
SHARE

බන්ධනාගාර බස් රථයකට කඵතර දී ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් නවාතැන් ගෙන තිබූ නිවස බණ්ඩාරගම ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

සැකකරුවන් මෙම නිවස මාසික කුලී පදනම යටතේ පසුගිය දෙසැම්බර් මාසයේ මිලට ගෙන ඇත්තේ රුපියල් දොළොස් දහසකට බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් විවිධ අවස්ථාවල අම්බලමක කාලය ගත කර ඇති බවටද තොරතුරු වාර්තා වන බව සඳහන්.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි වෑන් රථයට ව්‍යාජ අංක තහඩු සවි කර ඇති බවට සැකකරන පුද්ගලයන් දෙදෙනෙකු ද මොරටුව සහ බණ්ඩාරගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැණුනා.

සීදුව ප්‍රදේශයෙන් පැහැර ගත් වෑන් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තීන්ත ගල්වා ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් භාවිත කළ පොලිස් නිළ ඇදුමට සමාන ඇඳූම් පුලුස්සා දමා තිබෙනවා. එම ස්ථානය ද හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සැකකරුවන් ප්‍රහාරයේ දී භාවිත කළ පාවහන්, බොල්ගොඩ ගඟට විසි කළ බවට ලද තොරතුරට අනුව ඒ පිළිබඳ පොලිසිය කල සොයා බැලීමකදී දැකගන්නට ලැබුනේ ගඟට විසි කල බව සඳහන් පාවහන් ගස් පඳුරුවල රැඳී ඇති ආකාරයයි.

පසුදියදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සෙල්ල කතරගමදී අත්අඩංගුවට ගත් බන්ටි නමැති පාතාල සාමාජිකයාගෙන් ප්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු හෙළිවී තිබෙනවා.

පසුගිය පෙබරවාරි 28 වන දා බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් පාතාල නායකයෙකු වන සමයං ඇතුලු පුද්ගලයන් 05 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site