Home News Breaking ජනපති කින්නියා රෝහලේ අඩු පාඩු සොයන්න යයි

ජනපති කින්නියා රෝහලේ අඩු පාඩු සොයන්න යයි

241 views
SHARE

ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන යොවුන් පුරය සමාප්ති උත්සවයට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටියදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කින්නියා මූලික රෝහලට ද ගොස් තිබෙනවා.

කින්නියා මූලික රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා රෝහලේ අඩුපාඩු සොයා බැලූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කාර්ය මණ්ඩලය සමග ද සාකච්ඡා කළ ජනාධිපතිතුමා රෝහලේ පවත්නා අඩු පාඩු පිළිබඳ විමසා සිටියා.

ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වාට්ටු සංකීර්ණය ද ජනාධිපතිතුමාගේ නිරීක්‍ෂණයට ලක්වී තිබෙනවා.

කින්නියා මූලික රෝහල නවීකරණය කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වුණා.

එම ස්ථානයට ගිය ජනාධිපතිතුමා රෝහල කඩිනමින් නවීකරණය කිරීමට පියවර ගන්නා බවයි කියා සිටියේ.

එහි මූලික සාකච්ඡාව සඳහා උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරත වූ නියෝජිතයන් කිහිප දෙනෙකුට සහභාගී වන ලෙසට ද ජනාධිපතිතුමා ආරාධනා කල බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site