Home News Breaking යතුරු පැදිකරුට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි

යතුරු පැදිකරුට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි

775 views
SHARE

කළුතර දොඩංගොඩ ප‍්‍රදේශයේදී යතුරු පැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඔවුන් ඉකුත්දා එම යතුරුපැදිකරුවෙකුට අමානුෂික ලෙස පහර දුන්නේ ප්‍රදේශයේ ජනතාව පවා බලන් සිටියදීයි.

මෙම පහර දීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කලේ රියදුරු බලපත‍්‍රයක් නොමැතිව අණ නොතකා ධාවනය කිරීමයි.

වැඩ තහනමට ලක්වූ එක් නිලධාරියෙකු දොඩංගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙක්.

අනෙක් නිලධාරියා එම පොලීසියටම අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීමට අදාළ වීඩියෝ පටයක් පසුව අන්තර්ජාලයටද මුදාහැර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site