Home C Gossip ගයාන්ගෙයි චතුරිකාගෙයි ආදරය පටන් ගත්ත හැටි චතුරිකා මුල්වරට මාධ්‍යට කියයි

ගයාන්ගෙයි චතුරිකාගෙයි ආදරය පටන් ගත්ත හැටි චතුරිකා මුල්වරට මාධ්‍යට කියයි

3,562 views
SHARE

ගායන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් ගැන මේ දිනවල වැඩිපුර කතා බහ වෙනවා. ඒකට හේතුව තමයි ගයාන්ගේ පෙර විවාහයේ බිරිඳ සිදුකළ ප්‍රකාශයක් සහිත වීඩියෝව. මේ සියලුම ප්‍රශ්න වලට හේතු වුන චතුරිකාගෙයි ගයාන්ගෙයි ආදර සම්බන්ධය ගැන චතුරිකා කිවුවේ මේ වගේ කතාවක්.

චතුරිකා ගයාන්ව දැන හදුනාගන්නේ කොහොමද..?
මට පළමු වතාවට ගයාන්ව හමුවෙන්නේ 2004 අවුරුද්දේ.ඔහු ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන ප්‍රථම අවස්ථාව එයයි. එහි ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවේ මම. එදා මම දැක්කා ගයාන් දෙමව්පිය සෙවනේ ආපු ඉතා තැන්පත් තරුණයෙක්.

ඒ අවස්ථාවද ප්‍රේමයේ ඇරඹුම..?
නැහැ.. ඒ වෙද්දි ගයාන් කියන්නේ මාත් එක්ක රඟපාපු තවත් එක් නළුවෙක් විතරයි. එකට වැඩ කළ නිසා සුහදතාවක් ගොඩනැගුනා. එනින් එහාට කිසිවක් නැහැ. අපි ආයේ මුණගැහුණෙවත් කතා කළේවත් නැහැ. දෙවැනි වතාවට මට ආයෙමත් ගයාන් එක්ක වැඩ කරන්න ලැබෙන්නේ 2011 අවුරුද්දෙදි. ඒ වෙද්දි ගයාන් ක්ෂේත්‍රයේ නමක් දිනාගත්තු කෙනෙක්. නමුත් අර මම පළමු අවස්ථාවෙම දුටුව සන්සුන් තරුණයානම් ඔහු අහලකවත් හිටියේ නැහැ. ඒ වෙද්දි ගයාන්ව ප්‍රසිද්ධ වෙලා තිබුණේ වැඩ කරන්න අපහසු ඉවසීමක් නැති කේන්ති යන දඩබ්බර චරිතයක් විදිහට.

දඩබ්බර හිත ළඟද ආදර කතාව ඇරඹෙන්නේ..?
ඇත්තටම ඒ වෙද්දි ගයාන් ළඟ හිතුවක්කාර කේන්ති යන ලක්ෂණ තිබුණා. ඒ දවස්වල ගයාන් මෝටර් රථය පදවගෙන යන වේගය නිසා අපි කතාවුණේ කොයි වෙලාවක හරි අනතුරක් කරගනීයි කියලා. ඒ තරමට නොසන්සුන්තාවයකින් ඉන්න කෙනෙක් විදිහටයි මමත් ගයාන්ව දැක්කේ. නමුත් ගයාන්ව හිතවතෙක් විදිහට ආශ්‍රය කරද්දි තමයි ඒ ගයාන් කියන කෙනාගේ ආවේණික ගතිගුණ නෙවෙයි කියලා මට දැනුනේ.

ඔබ දෙදෙනා වඩාත් ළං කළ හැඟීම වෙන්නේ..?
දෙවැනි වතාවට අපි හමුවුණු කාලය වෙද්දි අපි දෙන්නම අපේ පුද්ගලික ජීවිතවල විශාල අර්බුද සමග ගෙවූ කාල වකවානුවක්. එයා හිටියේ බිදුන විවාහයක නටඹුන්න එක්ක. මමත් මගේ ප්‍රේමය බිදී ගිහින් තනිවෙලා හිටියේ. තනිවෙලා හිටියේ කාලයේ අපි මුලින්ම හිතවතුන් වුණා. අපි අපේ ප්‍රශ්න කතා කළා. ඒ අවස්ථාවේ අපේ ජීවිතය කලින් හිටිය අය වගේ අප වටා හිටි අය බොහොම දරුණු විදිහට අපි දෙන්නට පහර දෙන්න පටන් ගත්තා. ඒ අවස්ථාවෙ ගයාන් නොසැලී හිටිය. මමත් ඒ දේවල්වලට සැලුනේ නැහැ. අපි මේ ප්‍රශ්න ගැන කතාකරමින් විසඳුම් හොයන්න උත්සහ කළා. අන්තිමට අපිටත් නොදැනිම අපි දෙන්නා ආදරයෙන් බැදුනා.

එදා ඔබ දෙදෙනාගේ ආදරයට ඇතිවුණු බාධකද ඔබලා වඩාත් ළං කළේ..?
ඒ ගැන හිතද්දි කණගාටුයි. මිනිස්සු අපිට හිතන්න බැරි තරම් නරක විදිහට ප්‍රශ්න ඇති කළා. නමුත් මම ගයාන්ට ආදරය කරන්න පටන් ගන්නකොට එයා හුදකලාව හිටි කෙනෙක්. කාගෙවත් සෙවනේ හිටි කෙනෙකුට මම පෙම් කළේ නැහැ. තමන්ගේ කළින් පෙම්වතා හෝ පෙම්වතිය එම ප්‍රේමයෙන් මිදුනට පස්සේ තවත් කෙනෙකුට ආදරය කරන අවස්ථාවේ ප්‍රශ්න ඇතිකරන එකෙන් ඵලක් නැහැ. මම හැමදාම හිතුවේ කවදා හරි ඇත්ත ඉදිරියට එන බවයි. අපි කාට හෝ වැරැද්දක් කලාම ඒක ලෝකෙට වසන් කරගෙන හිටියට තමන්ගේ හිතට බොරු කරන්න බැහැ. මම මේ පුද්ගලයට මේ වගේ දෙයක් කළානෙ කියලා තමන්ගේ හිත තැවෙනවා.

දැන් ආදර ලෝකය සන්සුන්ද..?
ඇත්තටම මේ හැම දෙයක්ම කෙලවර වුණේ අපි දෙන්නා අතර තිබුණු ආදරය තවත් වැඩිවුණු එකෙන්.හැම ප්‍රශ්නයකටම කාලය පිළිතුරු දීලා තියෙනවා.

අතීතයේ ඔබට හමුවුණු ගයාන්මද තවමත් ඔබ ළඟ ඉන්නේ..?
නැහැ.. ඒ ගති ගොඩක් අඩුයි දැන්. මම හැම වෙලාවෙම එයාට කියලා දෙනවා මේ ඔයාගේ විදිහට නෙවෙයි ඔයාගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ එහෙම නැහැ කියලා.

මේ ආදර කතාවෙදි චතුරිකාට ලැබුණු වටිනාම තිළිණය මොකක්ද..?
එයාගෙන් ලැබෙන ආදරය විශ්වාසය තමයි මට වැඩියෙන්ම වටින්නේ. මොකද කිසිම මොහොතක ගයාන්ට මට වඩා සමීප තවත් කෙනෙක් නැහැ කියන සිතුවිල්ලෙනුයි එයා වැඩ කරන්නේ. එයාගේ ලෝකෙ එකම පෙම්වතියත් හිතවතියත් මම විතරයි.

උපුටා ගැනීමකි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site