Home News Breaking අනතුරක් කර පලා ගිය අතිසුඛෝපභෝගී මෝටර් රථය අත්අඩංගුවට

අනතුරක් කර පලා ගිය අතිසුඛෝපභෝගී මෝටර් රථය අත්අඩංගුවට

497 views
SHARE

පසුගිය මාසයේ 26 වැනිදා කොළඹ, හෝටන් පෙදෙස, විජේරාම මංසන්ධිය අසළ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට මරු කැඳවමින් පලාගිය මෝටර් රථය හා එහි අයිතිකරු පිළිබඳව තොරතුරු පොලීසිය විසින් හඳුනා ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පොලීසිය සඳහන් කළේ ලක්ෂ සියයකට අධික වටිනාකමකින් යුත් අතිසුඛෝපභෝගී මෝටර් රථයක් උදෑසන 05.30ට පමණ එම අනතුරු සිදුකර පලාගොස් ඇති බවයි.

මෙම අනතුරෙන් සිඟමන් යැදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මාර්ගය දෙපස සවිකළ සී.සී.ටී.වී. දර්ශන හා සාක්ෂි පදනම් කර ගනිමින් පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය අදාළ අනතුර සිදුකර ඇත්තේ හෝටන් පෙදෙසේ පදිංචි පුද්ගලයෙකු බව හඳුනා ගැනුණා.

අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, අනතුර වාර්තා නොකිරීම, තුවාලකරු රෝහල්ගත නොකිරීම යන චෝදනා යටතේ අදාළ සැකකරු අධීකරණයට අද ඉදිරිපත් කෙරුණා.

අදාළ පරීක්ෂණ සිදුකරනු ලැබූවේ කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශය විසින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site