Home News Sports සනත් එක්ක මාලිංග ඉන්දියාවට

සනත් එක්ක මාලිංග ඉන්දියාවට

312 views
SHARE

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ප්‍රධාන කණ්ඩායමක් බවට පත්ව තිබෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එහි සුවිශේෂී ක්‍රිඩකයින් කිහිප දෙනෙකුට උපහාර දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

2008 වසරේ ආරම්භ කළ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 10 වැනි අදියර මෙවර පැවැත්වීමට නියමිතයි.

ආරම්භයේ පටන් මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ සාමාජිකයන් වූ ක්‍රිඩකයින් 03 දෙනෙකුට මෙහිදී උපහාර පිරිනැමීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ශ්‍රි ලංකාවේ ලසිත් මාලිංග, ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් හා හර්බජාන් සිං එම ක්‍රිඩකයින් වනවා.

මුම්බායිහි පිහිටා ඇති මුකේෂ් හා නිටා අම්බානිගේ නිවසේදී මෙම උපහාර උත්සවය පැවැත්වෙන අතර එයට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිඩකයින් කිහිප දෙනෙකුටද ආරාධනා කර තිබෙනවා.

ඒ අනිල් කුම්බ්ලේ,ෂෝන් පොලොක්, සනත් ජයසූරිය, රිකී පොන්ටින් යන ක්‍රිඩකයින්ටයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, මුම්බායි ක්‍රිකට් සංගමයේ නිලධාරීන්, බොලිවුඩයේ නළු නිළියන් කිහිප දෙනෙකුද මෙම උත්සවයට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site