Home News Breaking සමාජ ජාල වෙබ් අඩවි සාදයේ විකිණීමට ගෙනා නීති විරෝධී රට මත්පැන් හසුවෙයි

සමාජ ජාල වෙබ් අඩවි සාදයේ විකිණීමට ගෙනා නීති විරෝධී රට මත්පැන් හසුවෙයි

369 views
SHARE

කොළඹ නගරයේ තරු පහේ හෝටලයක පෙරේදා (01දා) රාත්‍රි පැවැති සාදයකට සහභාගිවී සිටි පිරිසකට අලෙවි කිරීම සඳහා රැගෙනවිත් තිබූ රුපියල් ලක්‍ෂ 14 ක්‌ පමණ වටිනා විදේශීය මත්පැන් තොගයක්‌ සහ නීති විරෝධී ලෙස ඒවා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විස්‌කි, බ්‍රැන්ඩි, රම්, වොඩ්කා සහ බියර් යනාදිය මෙම මත්පැන් තොගය අතර වන බවයි සුරාබදු නිලධාරීන් සඳහන් කලේ.

එක්‌තරා සමාජ ජාල වෙබ් අඩවියක්‌ මගින් සංවිධානය කර තිබූ මෙම මධු සාදයට තරුණ තරුණියන් 1500 කට අධික පිරිසක්‌ සහභාගිවී සිටි බවත් ඔවුනට මුදලට අලෙවි කිරීම සඳහා මෙම විදේශ මත්පැන් තොගය රැගෙනවිත් තිබූ බවත් විමර්ශනවලදී අනාවරණයවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මධු සාදය සඳහා පැමිණ සිටි තරුණ තරුණියන් සියලුම දෙනා අවුරුදු 19-26-27 අතර අය බවත් එයට සහභාගිවීමට එක්‌ අයකු රුපියල් 2500 ප්‍රවේශ පත්‍රයක්‌ මිලදී ගත යුතුබවත් අනාවරණ වුණා.

එම සාදයට සහභාගිවී සිටි පිරිස අතර ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 05 දෙනකුද අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරීන් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site