Home News Politics ඕනෑම ඇමැතිකමක් බාර ගන්න සූදානම්

ඕනෑම ඇමැතිකමක් බාර ගන්න සූදානම්

221 views
SHARE

කැබිනට් සංශෝධනයේ දී ලැබෙන ඕනෑම අමාත්‍යංශයක් බාරගැනීමට සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න පවසයි.

රුධිර පාරවිලයන සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් දිවයින පුරා ස්ථාපිත කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19න් හත් වැනි මධ්‍යස්ථානය වව්නියාවේදී විවෘත කරීමේ උත්සවයකට සහභාගීවූ ඇමැතිවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එලෙස සඳහන් කළා.

“කැබිනට් සංශෝධනයේ දී දෙන ඕනෑම අමාත්‍යංශයක් බාරගෙන හොඳින් වැඩ කරනවා. මම ඉදිකිරීම්, ඉංජිනේරු, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යධූරයෙත් හොදින් වැඩ කරනවා. අලුත් තනතුරක් ලැබුනත් එහි වැඩකිරීමටත් මම සුදානම්.”

මම ජනාධිපතිවරයා සමග ජනමත විචාරණය පිළිබදවත් සාකචිඡා කළා. එහිදී තීන්දු තීරණ කිහිපයක් ගත්තා. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ සියළු දෙනා සාකචිඡා මාර්ගයෙන් පිළිගත හැකි විසදුමට ඉදිරීයේ දී පැමිණේවි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ උපවාස කිරීම පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය ඇමැතිවරයා අධිකරණ තීන්දුවලට සියළු දෙනා යටත් විය යුතු බව ප්‍රකාශ කළා . කොරියාවේ ජනාධිපතිනිය අත්අඩංගුවට ගත් බව පැවැසු ඇමැතිවරයා ඇය උපවාසයක් ආරම්භ නොකළ බව ද ප්‍රකාශ කර සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site