Home News Breaking පාසල් ළමුන් අතර ජනප්‍රිය ගණිකා නිවාස වැලිකඩ පොලිසිය ඇල්ලු හැටි

පාසල් ළමුන් අතර ජනප්‍රිය ගණිකා නිවාස වැලිකඩ පොලිසිය ඇල්ලු හැටි

7,137 views
SHARE

දිවා රාත්‍රී සම්බාහන මධ්‍යස්ථාන බව පෙන්වමින් දිගු කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් පසුගිය 30, 31 සහ 01 දා යන තෙදිනේදී වැලිකඩ පොලිසිය මගින් වටලා එහි සේවය කළ තරුණ කාන්තාවන් සහ කළමණාකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජගිරිය නගරයේ පවත්වාගෙන ගොස් තිබූ මින් එක් සම්බාහන මධ්‍යස්ථානයක් පාසල් ළමුන් අතර ඉතාමත් ජනප්‍රිය ස්ථානයක් බවද වාර්තා වේ. මෙතනට එන පාසල් ළමුන් අමතර පංති සඳහා නිවසින් ලබාදෙන මුදල් යොදවා මෙහි කාන්තා ඇසුරට හුරුව ඇති බව අණාවරණ වී තිබේ.
එක් සම්බාහන මධ්‍යස්ථානයකට යැවූ පොලිස් උපාය දූතයකු, සම්බාහනය කිරීම සඳහා පැමිණි තරුණ කාන්තාව සමග අඩ නිරුවතින් සිටියදී අත් අඩංගුවට පත්ව අැති අතර, ඇය ඔහු වෙත ලිංගික ඇසුරක් සඳහා අවශ්‍ය උපත් පාලන කොපු ලබා දී තිබූ බවදපොලිසිය පවසයි.

දියත උයන ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් හා ස්පා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය තවත් ගණිකා මධ්‍යස්ථානයක සිටි රූමත් ලාබාල තරුණ කාන්තාවන් 04 දෙනෙකු සහ කලමණාකරු අත් අඩංගුවට පත්ව ඇති අතර, එම ආයතනයට ඇතුළත්වීම සඳහා රුපියල් 1,500 ක මුදලක් අයකරනු ලබන බවත්, රුපියල් 10,000 දක්වා මුදලකට එහි සිටින කාන්තාවන් අළෙවි කරනා බවත් පොලිස් පරීක්ෂණ වළින් හෙළිව තිබේ. අදාල කාන්තාවන් වයස අවුරුදු 18, 19, 22 සහ 23 වියෙහි පසුවන්නියන් බවද සඳහන් වේ.

රාජගිරිය ඉන්ධන පිරවුම්හල අසල සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කාලාන්තරයක් තිස්සේම පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක්ද වටලා ඇති වැලිකඩ පොලිසියේ දූෂණ මර්ධන ඒකකය එහි සිටි කාන්තාන් දෙදෙනකු සහ කලමණාකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් සහ සැකකාරිණියන් 10 දෙනා අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතකොට තිබෙනවා.

වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර‍ධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලගේ උපදේස් පරිදි වැලිකඩ පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රසික මහවත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් මෙහෙයුම ක්‍රියාත්මක කොට තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site