Home News Breaking කැස්ස-හෙම්බිරිස්සාව ගැන නොසැලකිල්ල නිසා AH1N1 වෛරසයෙන් මියගිය ගණන ඉහළට

කැස්ස-හෙම්බිරිස්සාව ගැන නොසැලකිල්ල නිසා AH1N1 වෛරසයෙන් මියගිය ගණන ඉහළට

327 views
SHARE

මධ්‍යම පළාත තුළ මේ වන විට AH1N1 වෛරස් රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන අතර මේ වන විට ගැබිනි මව්වරුන් ඇතුළු රෝගීන් 17 දෙනෙකු මියගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ සඳහන් කළා.

පසුගිය මාස තුන ඇතුළත මහනුවරින් AH1N1 වෛරස් රෝගය වැළඳුණු රෝගීන් 40ක්ද, මාත‍ලේ රෝගීන් 73ක්ද, නුවරඑළියෙන් රෝගීන් 2ක්ද, වශයෙන් රෝගීන් 115 දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇතැයි අධ්‍යක්ෂවරිය කියා සිටියා.

දැනට මාස තුනක සිට පැතිර යන මෙම AH1N1 වෛරස් රෝගය නිසා මහනුවර ප්‍රදේශයේ රෝගීන් 12 දෙනෙක්ද මාත‍ලේ ප්‍රදේශයේ රෝගීන් 5ක් වශයෙන් මේ වන විට රෝගීන් 17 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වන බවයි ඇය පැවසුවේ.

මෙම රෝගයේ ලක්ෂණ කැස්ස හෙම්බිරිස්සාව නිසා ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මධ්‍යම පළාතේ සියලු සායන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල මගින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයිද සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site