Home News Politics “එදා හොරකම් කළේ පවුලෙ හොරු- අද හොරකම් කරන්නෙ හවුලෙ හොරු”

“එදා හොරකම් කළේ පවුලෙ හොරු- අද හොරකම් කරන්නෙ හවුලෙ හොරු”

281 views
SHARE

“ඡන්දෙ කාලෙට විතරක් රැස්වීම් තියන දේශපාලන පක්ෂයක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණ. අද මේ රටේ ඇති වී තිබෙන අර්බුදයන් පිළිබඳව ජනතාව දැනුවත් කරන්න තමයි අපි මෙවැනි රැස්වීම් තියෙන්නේ.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සඳහන් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තිහාරියේ පැවැති ජන හමුවේදීයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා.

“2015 ජනවාරි 08 වැනිදාට කලින් රාජපක්ෂ පාලනය මුළු රටම ඒකාධිපති වියරුවකට යටත් කරල තිබුණේ. මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණය මේ රටේ ජයග්‍රහණයක් කර ගන්නවා වෙනුවට, එය තම පවුලේ ජයග්‍රහණයක් බවට රාජපක්ෂ පවුල සැලකුවා. දූෂණය, වංචාව, හොරකම පමණක් නොවේ මැදමුලනෙ කැලෑ නීතිය රජ කරපු දවසක් එදා තිබුණේ. ජනතාවට නිදහසේ ජීවත් වන්නට බැරි තත්ත්වයක් එදා නිර්මාණය වෙලා තිබුණා. රාජපක්ෂ කල්ලිය ජාති වාදය හා ආගම් වාදය වපුරුවන්න එක එක සංවිධාන හදල ජනතාවගේ සමඟිය බිඳ දමන්නට කටයුතු කළා. ඒ නිසා මේ රටේ ජනතාව රාජපක්ෂ දුර්දාන්ත පාලනය අතුගාල දාල ලොකු බලාපොරොත්තුවක් ඇතිව අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.”

නව ආණ්ඩුව පිහිටුවා ගත්තට පස්සෙ යම් යම් ප්‍රතිසංස්කරණ ටිකක් සිදුවුණා. හොරකම, දූෂණය, නාස්තිය නතර කරනව කිව්වට ඒව නතර කළේ නැහැ. හොරුන්ට දඬුවම් දෙනව කිව්ව ආණ්ඩුව අද හොරුත් එක්ක එකතු වෙලා, දැන් හොරු ආණ්ඩුව අල්ලගෙන. බැඳුම්කර වංචාවෙන් උපයාගත් කළු සල්ලිවලින් නැවත පෙරළා අලුත් මාධ්‍ය ආයතන මිලදී ගන්නවා, ස්කාගාර හදනවා. බැඳුම්කර වංචාවෙ හොරුන්ට මේ ආණ්ඩුවෙන් දඬුවම් ලැබෙන්නෙ නැහැ. දඬුවම් දුන්නොත් ඉහළ පුටුවෙ ඉඳල පහළටයි ලැබෙන්නේ. ඒ නිසා ආණ්ඩුව හොරු අල්ලන්නෙ නැහැ කියන එක හොඳටම විශ්වාසයි. මේ නිල්, කොළ ආණ්ඩු දෙකම එකයි. එදා හොරකම් කළේ පවුලෙ හොරු. අද හොරකම් කරන්නෙ හවුලෙ හොරු.” යැයි මන්ත්‍රිවරයා කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site