Home News Breaking මහනායක හිමිගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණයක්

මහනායක හිමිගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණයක්

284 views
SHARE

අපවත්වී වදාල ශ්‍රී ලංකා අමරපුර සාමග්‍රි මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්‍ර මහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥානිස්සර මහානාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන බ්‍රහස්පතින්දා (06) සිදු කිරීමට තීරණය කර තිබේනවා .

ආදාහන පූජෝත්සවයට අදාළ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.

ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි .

අති පූජ්‍ය දවුල්දෙන ඥානිස්සර හිමි කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(03) උදෑසන අපවත් වුණි.

ඥානිස්සර හිමියන් අපවත්වන විට 102 වන වියේ පසුවූ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවුල්දෙණ දී 1915 දෙසැම්බර් 31 වැනි දා උපත ලද උන්වහන්සේ 1928 මාර්තු 8 වැනි දා පැවිදි දිවියට පිවිසියේය.

උන්වහන්සේ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත් වුයේ 2002 වසරේ දීය.

භාෂා විශාරදයෙකු වන උන්වහන්සේගේ ඉමහත් ශාසනික සේවාව අගයා මේ වසර ආරම්භයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්නයෙන් උපහාර උළෙලක්ද පැවැත්විණි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site