Home News Breaking හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

269 views
SHARE

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට(04) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල පවිත්‍රගාරයේ සිට එළිහවුස් ජලාශයට ජලය සැපයෙන ප්‍රධාන ජලනල පද්ධතියේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවේය.

ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට පසුදින අළුයම 03.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

අදාළ කාලසීමාව තුළ බේස්ලයින් පාරේ කැළණිය පාළම අසල සිට දෙමටගොඩ හන්දිය දක්වා සහ ඊට සම්බන්ධිත සියලුම අතුරු මාර්ග, කොස්ගස් හන්දිය, ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත සහ තොටළඟ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site