Home News Breaking අජිත් පී. පෙරේරාට දුෂණ විරෝධී පෙරමුණෙන් පිළිතුරු

අජිත් පී. පෙරේරාට දුෂණ විරෝධී පෙරමුණෙන් පිළිතුරු

304 views
SHARE

පුවත්පත් සාකච්ඡාවක දී කෙළවරපිටිය විදුලි බලාගාරය ව්‍යාපෘතියට විරුද්ධ වන වන කීර්ති තෙන්නකෝන් හා උපුල් ජයසූරිය දේශද්‍රෝහීන් යැයි රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් සඳහන් කර තිබෙන්නේ යහපාලන රජය යටතේ බැදුම්කරයට පමණක් දෙවැනි දුෂිත ගණුදෙනු සිදුවෙමින් පවතින්නේ විදුලිබල අමාත්‍යාංශයේ බවයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය විසින් විදුලිබල මණ්ඩලය හා අමාත්‍යාංශ ලේකම්වරයා ආයෝජන අවහිර කරන අයුරු ද හෙළි කර තිබෙන බව එම නිවේදනයේ දැක්වෙනවා.

“2017 ජනවාරි 15 සිට අද දක්වා ගල්අගුරු මිලදී ගැනීම තුලින් පමණක් විදුලිබල අමාත්‍යාංශය රටට රුපියල් මිලියන 1953 ක් පාඩුවක් සිදු කොට ඇත. ඒ ස්පොට් ටෙන්ඩර් මගින් ටොන් එකක් ඩොලර් 78 මිලදී ගත හැකිව තිබිය දී, සුවිස් සිංගප්පූර් සමාගමෙන් ටොන් එකක් ඩොලර් 91.75 කට මිල දී ගැනීම තුළිනි. මෙය විදුලිබල අමාත්‍යාංශයේ දේශප්‍රේමය නම් මේ ණය ගෙවන්නට සිදුවන්නේ රට පර්චස් ගානට විකුණමිනි.

ඩීසල් විදුලි මාෆියාව ඒකකයක් රු. 28 බැගින් විදුලි පාරිභෝගිකයා සූරා කමින් සිටී. එය රජයට විදයමක් නොමැතිව රු. 10 ට ලබා දිය හැකි බව කියන ආයෝජන මණ්ඩලය දේශද්‍රෝහී යැයි රාජ්‍ය ඇමති අජිත් පී.පෙරේරා පවසයි. ඔහුගේ දේශප්‍රේමය වී ඇත්තේ එක් විදුලි ඒකකයින් රු. 14 ක් පාඩු ලබමින් මේ රටේ බදු මුදල් කාබාසිනියා කිරීම විය යුතුය.” යනුවෙන්ද එහි සඳහන්.

‘දේශප්‍රේමය’ යනු හොරකමට කියන සමාන පදය නම් ‘විදුලිබල අමාත්‍යාංශය’ දේශප්‍රේමයේ පිදුරුතලාගල මුදුණටම ආසන්න වෙමින් ඇති බව යැයි දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site