Home News Breaking සරසවියක් වසා දැමූ උණ ගැන වාර්තාවක් කැඳවයි

සරසවියක් වසා දැමූ උණ ගැන වාර්තාවක් කැඳවයි

184 views
SHARE

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර පැතිර යන උණ රෝගය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබේනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අමල් හර්ෂ ද සිල්වා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම වාර්තාව කැඳවනු ලැබ ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඊයේ සිට දින නියමයකින් තොරව වසා දැමී ය.

විශ්වවිද්‍යාල බලධාරීන් පැවසූවේ සිසුන් 3000කට පමණ මේ වන විට ‍උණ රෝගී තත්ව පෙන්නුම් කරන බැවින් මෙම තීරණය ගත් බවයි

ඒ අනුව අද දහවල් 12 වන විට සියලු සිසුන් විශ්ව විද්‍යාලයෙන් බැහැර විය යුතු බවට බලධාරීහු දන්වා ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site