Home News Breaking නායයෑමේ අධි අවධානමක් ස්ථාන 515

නායයෑමේ අධි අවධානමක් ස්ථාන 515

258 views
SHARE

ජාතක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළ පර්යේෂණ වල දී නායයෑමේ අධි අවධානමක් ඇති ස්ථාන 515ක් හඳුනාගෙන ඇතැයි එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරනවා.

විශාල පිරිසකට මරු කැඳවමින් පසුගිය වසරේ මැයි මාසයේ අරණායක රාමසාර කන්ද නායයෑමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම පර්යේෂණ ආරම්භ කළා.

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මධ්‍ය අවදානම් ස්ථාන 1031ක් ද එම ආයතනයේ පරීක්ෂණවලදී හඳුනාගෙන තිබෙනවා.

එම ප්‍රදේශ වෙන් වෙන් වශයෙන් අරණායක ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දුන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා.

එම ආයතනයේ වාර්තා අනුව වැඩිම අධි අවධානම් ස්ථාන ගණනක් හඳුනාගෙන ඇත්තේ එළඟිපිටිය ග්‍රාම නිලධාරී වසමේ වන අතර දෙබත්ගම උඩබාගේ ප්‍රදේශයේ හඳුනාගෙන ඇති අධි අවධානම් ස්ථාන ගණන 92ක්.

ගංතුන මැදගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ හඳුනාගෙන ඇති අධි අවධානම් ස්ථාන ගණන 73ක් වන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site