Home News Breaking වැඩ වර්ජනය කරන වෛද්‍ය නිලධාරීන්ට ඇමතිගෙන් පිළිතුරක්

වැඩ වර්ජනය කරන වෛද්‍ය නිලධාරීන්ට ඇමතිගෙන් පිළිතුරක්

248 views
SHARE

සයිටම් ආයතනය වසා දමන ලෙස බල කරමින් ලබන සිකුරාදා (07) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

වෛද්‍යවරු, පශු වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු මෙන්ම හෙද, ගුරු වැනි වෘත්තීය සමිති රැසක් ද එම වර්ජනයට එක්වන බවයි එම සංගමය සඳහන් කලේ.

මේ අතර සයිටම් ආයතනය කිසිම ලෙසකින් වසා නොදමන බවයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරන්නේ.

වැඩවර්ජන, උපවාස, උද්ඝෝෂණවලින් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් විභාග වන හෙයින් එතෙක් අධ්‍යාපන කටයුතුවල නිරතවන්නැයි වෛද්‍ය සිසුන්ට උපදෙස් දීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේත් බුද්ධිමත් වෘත්තීය සමිතිවලත් යුතුකමකැයි ද උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site