Home News Breaking මහින්ද රාජපක්ෂ හඩන දවස අගමැති කියයි

මහින්ද රාජපක්ෂ හඩන දවස අගමැති කියයි

358 views
SHARE

2018 වෙසක් මාසය වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට හැඬීමට සිදුවෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

වෙසක් මාසය වන විට වර්තමාන ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්

කිරිබත්ගොඩදී පැවති එක්සත් ජාතික පක්ෂ රැලියකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

“මීට පෙර අවස්ථාවකදී හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළා ඉකුත් ජනවාරියේදි අපේ ආණ්ඩුව පෙරළනවා කියලා.මම එදා කීවා මම විදේශ සංචාරයට ගිය විට එය කරන ලෙස.නමුත් ඔහු ඒක කළේ නැහැ.කෙසේ වෙතත් 2018 වෙසක් මාසය වෙද්දී ආණ්ඩුවේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති දැකලා ඔහුට අඬන්න සිදු වෙයි“යැයි අගමැතිවරයා පවසයි.

කළුතර ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඉදිකිරීම ගැන බැලීමට තායි සමාගමක් මෙරටට පැමිණ ඇතැයි ද නැගෙනහිර සංවර්ධන කටයුතුවලට සිංගප්පූරුවේ හා ඉන්දියාවේ සහය ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ද අගමැතිවරයා කියයි.එම සාකච්ඡා සඳහා තමන් ඉන්දියාවට හා ජපානයට යෑමට නියමිත බවයි .

ණය උගුලෙන් රට ගලවාගැනීමට විශාල සැලසුමක් රජයට ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පවසයි. හම්බන්තොට වරාය බදු දීම එහි එක් පියවරක් බවද අගමැතිවරයා සදහන් කළා

“වරාය බදු නොදුනහොත් වැට් බදු වැඩි කිරීම හැර අන් පියවරක් රජයට නැහැ.“

හම්බන්තොට වරායේ කොටස් චීනයට ලබාදීමට පසුගිය රජය ගිවිසුමක් අත්සන් කළේ ඇයිදැයි අගමැතිවරයා ප්‍රශ්න කළ අතර කොළඹ වරාය යටතේ ඇති ඉඩම් කොටසක් චීනයට සින්නක්කරව ලබා දුන්නේ ඇයි දැයිද ප්‍රශ්න කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site