Home News Breaking දේශපාලන පක්ෂ අතර පොහොසත්ම පක්ෂය මෙන්න

දේශපාලන පක්ෂ අතර පොහොසත්ම පක්ෂය මෙන්න

446 views
SHARE

දේශපාලන පක්ෂවල මුල්‍ය විනිවිදභාවය වෙනුවෙන් එලදායී සංවාදයක් ඇරඹිය යුතුබව කැෆේ සංවිධානය පවසයි. දීර්ඝ කාලීන ව්‍යවහාරයක් එක් වරම නිවැරදි කළ නොහැකි බව කැෆේ සංවිධානය පිළිගන්නා නමුත්, ලංකාවේ දේශපාලන ක්‍රියාවලියේ මුල්‍ය විනය තහවුරු කිරීම සදහා යන එලදායී සංවාදයකට මෙම තොරතුරු සහ දත්ත උපකාරී වනු ඇතැයි කැෆේ සංවිධානය බලාපොරෝත්තු පළ කර ඇත.
මැතිවරණ දෙපාර්තමේන්තුව දේශපාලන පක්ෂ 6 ක් විසින් ලබා දී ඇති මුල්‍ය වාර්තා අනුව 2016 වසරේ ලංකාවේ පෝහොසත්ම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ යි. 2015 දෙසැම්බර් 31 දිනට ජවිපෙ හි අදායම රු. 87,196,322 කි.

තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත් මෙම තොරතුරු ජාත්‍යන්තර සංවිධාන විසින් ප්‍රසිද්ධියට පත් කොට ඇත. එම වාර්තා අනුව,

2015 වසරේ ගිණුම් වාර්තා අනුව එක්සත් ජාතික පක්ෂයේ අදායම රු. 36,317,486 කි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2015 අදායම රු. 19,796,009 කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 2015 අදායම ආධාර ලෙස ලැබුණු රු. 2,423,194 කි.

2015 ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ආදායම රු. 1,845,000 කි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ 2015 අදායම රු. 115,611,663 කි.

ජාතික හෙළ උරුමය පක්ෂයේ 2015 ආදායම රු. 1,851,133 කි. (එයින් රු. 213,880 ක් පක්ෂ නායක චම්පික රණවක මහතා සිය වැටුපෙන් පරිත්‍යාග කළ බව මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇති ඇති ගිණුම් වාර්තා අනුව පෙනී යයි.

ජනතා විමුක්ති පෙරමුණ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී වැටුප් සහ වාහන විකිණීමෙන් ලැබූ ආදායම පවා සවිස්තරාත්මක ලෙස ගිණුම් වාර්තාවේ දක්වා තිබීම විශේෂයකි.

ලංකාවේ දේශපාලන පක්ෂ සිය මුල්‍ය කටයුතු විනිවිද භාවයකින් පවත්වාගෙන නොයන බවට මෙම වාර්තා අනුව මතුවන කරුණකි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site