Home News Breaking කලාකරුවන්ගේ සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති කියයි

කලාකරුවන්ගේ සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති කියයි

161 views
SHARE

කලාකරුවන්ගේ ජීවිතවල සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් රජයේ වගකීම් හා යුතුකම් නිසි අයුරින් ඉටු කිරීමට කටයුතු කරන බවයි.

මෙරට ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් ලක්ෂ 250ක් මුදලක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

කලාව, සාහිත්‍යය සහ සංගීතයට දේශපාලනයක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලන භේදයකින් තොරව තමා සියළු කලාකරුවන් වෙනුවෙන් වගකීම් සහ යුතුකම් නිසිලෙස ඉටුකරන බවයි .

එමෙන්ම මෙරට ඉදිරි ගමන වෙනුවෙන් කලාකරුවන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් ඉදිරියට පැමිණෙනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site