Home News Breaking ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතුයි

ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතුයි

212 views
SHARE

ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවී ඇති බවත් එහෙයින් ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතු යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (03දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති තිරසර ලංකා ප්‍රදර්ශනයට එක්වෙමින් සඳහන් කළා.

“ලංකාවේ ත්‍රිරෝද රථ ප්‍රමාණය වැඩියි. ලංකාවේ ත්‍රීවිල් ප්‍රමාණය ඇති. ලංකාවට ත්‍රීවිල් ගෙන්වීම නවත්තන්නට අවශ්‍යයි. එවැනි දැඩි තීන්දු ගත්තෙ නැතිනම් තිරසර සංවර්ධනයකට යන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ සිදුවන අනතුරු ප්‍රමාණය දෙස බලා අපි දඩ මුදල් වැඩිකළොත් පාර්ලිමේන්තුව වටලන්නට එයි. මහපාරට බහියි. කෝච්චිපාරවල්වල කෝච්චි යන්න බැරිවිදියේ වැඩ කරයි. එවැනි තත්ත්වයක් තුළ වුණත් අපි නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කරලා මේ සමාජය වඩා නීතිගරුක සමාජයක් නොකළොත් තිරසර සංවර්ධනය ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ.”

එහිදී අදහස් පල කල අමාත්‍යවරයා “පක්ෂ,මැතිවරණ, ඡන්ද පිළිබඳ අමතක කරමින් දේශපාලඥයන් තිරසර සංවර්ධනය වෙනුවෙන් දැඩි දේශපාලන තීන්දු ගැනීමට කාලය ඇවිත් තිබෙනවා” යනුවෙන්ද පැවසුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site