Home News Breaking එජාපයේ නව මහලේකම් අකිල විරාජ් – ෆොන්සේකාට උපනායක ධුරය ?

එජාපයේ නව මහලේකම් අකිල විරාජ් – ෆොන්සේකාට උපනායක ධුරය ?

303 views
SHARE

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත දී අද පෙරවරු 10ට පැවැත්වීමට නියමිතයි.

එහිදී නියෝජ්‍ය නායක තනතුරු 3ක් සහ උපනායක තනතුරු 3ක් ඇති කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක සහ කබීර් හෂීම් නියෝජ්‍ය නායක තනතුර සඳහා යෝජනා කිරීමට නියමිත නාමයන් වනවා.

එමෙන්ම අමාත්‍යවරුන් වන ඞී.එම්. ස්වාමිනාදන්, රංජිත් මද්දුමබණ්ඩාර, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරයන් පිරිනැමීමට අදාළ යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ නායක , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ මහලේකම් ධුරය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ නම අද දිනයේ යෝජනා කරනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site