Home News Breaking පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහ බැංකුවෙන් පොලිය නැතුව ණය අරගෙන යළි මහ බැංකුවටම...

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහ බැංකුවෙන් පොලිය නැතුව ණය අරගෙන යළි මහ බැංකුවටම පොලිය එක්ක ණයට දීලා

216 views
SHARE

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහ බැංකුවෙන් පොලියක් නොමැතිව ණය ලබාගෙන යළි මහ බැංකුවටම පොලිය සමග ණයට ලබාදී ඇති බව බැදුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අනාවරණ වී තිබෙනවා.

අදාළ සමාගම මහ බැංකුව සමග සිදුකළ ගණුදෙනුවල දත්ත ඊයේ සාක්ෂි විමසීම සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ බව අනාවරණ වුණා.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ වසන්ත කුමාර අල්විස් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු ගණුදෙනු ස්වයංක්‍රීයව සටහන් වන ලංකා සෙට්ල් සිස්ටම් පද්ධතිය නිර්මාණයේදී තමන් එහි ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ බවයි.

2016 මාර්තු මස 29 වනදා සිට අප්‍රේල් පළමුවනදා දක්වා එම පද්ධතිය තුළ සටහන් වූ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ දත්ත කොමිසමට ඉදිරිපත් කර තිබුණා.

එම දත්ත උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක සදහන් කළේ එක්දිනක් තුළ ආපසු ගෙවීමේ පදනම මත පොලියක් නොමැතිව ණය ලබාදීම සඳහා මහ බැංකුව හදුන්වා දී ඇති දෛනික ද්‍රවශීලතා පහසුකම පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම අවභාවිත කර ඇති බවයි.

ඒ අනුව පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම අදාළ පහසුකම යටතේ මහ බැංකුවෙන් පොලියක් නොමැතිව ණය ලබාගෙන යලි මහ බැංකුවටම පොලියක් සමග ණය ලබාදී ඇති බව කොමිසමේදී හෙළිවුණා.

සාක්ෂිකරු තහවුරු කළේ එම ණය ලබාදීමේදී ලබාගත් බැඳුම්කර ඇපයට තබා නැවත වරක් දෛනික ද්‍රවශීලතා පහසුකම යටතේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස්, මහ බැංකුවෙන් ණය ලබාගෙන ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site