Home News Breaking රෝහල් වැසිකිළියකින් බිළිඳු මළ සිරුරක් මතුවෙයි

රෝහල් වැසිකිළියකින් බිළිඳු මළ සිරුරක් මතුවෙයි

364 views
SHARE

තණමල්විල රෝහලේ වැසිකිළියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

රෝහල් සේවකයෙකු සිදුකරන ලද දැනුම්දීමක් අනුව අදාළ බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය පිළිබඳ තණමල්විල පොලීසිය සිදුකරන ලද විමර්ශන අනුව සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බඩේ අමාරුවක් සහ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය වීම හේතුවෙන් තණමල්විල රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

රෝහල් කාර්යමණ්ඩලයේ ද යම් සහයෝගයක් ඇතිව මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව පොලිස් අත්අඩංගුව යටතේ හම්බන්තොට රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site