Home News Breaking වත්මන් රජය ගැන වැඩියෙන්ම සතුටු වන්නේ රාජපක්ෂවරුන් – මෙන්න හේතුව

වත්මන් රජය ගැන වැඩියෙන්ම සතුටු වන්නේ රාජපක්ෂවරුන් – මෙන්න හේතුව

305 views
SHARE

දේදුනු විප්ලවය පිළිබඳ වැඩියෙන්ම සතුටට පත්ව සිටින්නේ රාජපක්ෂවරුන් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බන්ඩාර පවසයි.

මැයි දිනය සංවිධාන කිරීම හා ආණමඩුව ආසනයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් පැවති එක්සත් ජාතික පක්ෂ පාක්ෂික හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

2015 ජනවාරි මස 08 වනදා ආණ්ඩු පෙරළියක් සිදු නොවූයේනම් යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වන බවත් ඒ මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිමට පවා බොහෝ රටවල් තීරණය කර තිබූ බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් කියා සිටියා .

එමෙන්ම එම ක්‍රියාවලියට සමගාමීව මහින්ද රාජපක්ෂ ඇතුළු බොහෝ දෙනෙකුට එරෙහිව දැඩි තීරණ ගැනීමටත් ඔවුන්ට විදේශිය රටවල් සමඟ කටයුතු කිරීම තහනම් කිරීමටත් ඉඩ තිබූ බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

ආණ්ඩු පෙරළිය තුළින් එම තත්ත්වය වළක්වා ගැනීමට වත්මන් රජය සමත්වීම හමුවේ වැඩිම ප්‍රතිලාභ රාජපක්ෂවරුන් වෙත හිමිවීම පිළිබඳ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහු වටා සිටින පිරිස රහසේ හෝ සතුටුවන බව තම විශ්වාසය යැයිද පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා මෙහිදී තව දුරටත් කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site