Home News Breaking ජනපති නියෝගයක් අගමැති වෙනස් කරයි

ජනපති නියෝගයක් අගමැති වෙනස් කරයි

353 views
SHARE

පෞද්ගලික ආයතන මඟින් සිදුකරනු ලබන ප්‍රචාරක කටයුතු සහ සන්දර්ශන සඳහා ජාතික කෞතුකාගාර පරිශ්‍රය ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා කර ඇති නියෝගයට එරෙහිව යමින් කෞතුකාගාරයේ සන්දර්ශනවලට අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබෙන බව වාර්තා වනවා.

රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශය සඳහා කෞතුකාගාර පරිශ්‍රයේ ප්‍රචාරක කටයුතු සහ සන්දර්ශනවලට අවසර ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම එම ක්‍රමවේදය සැකසීම පිණිස කමිටුවක් පත්කර ඇති අතර එයට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරන ලද පුද්ගලයින්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site