Home News Breaking ප්‍රතිසංවර්ධනය වූ කටුනායක ගුවන්තොටුපොළ හෙට විවෘත කෙරේ

ප්‍රතිසංවර්ධනය වූ කටුනායක ගුවන්තොටුපොළ හෙට විවෘත කෙරේ

249 views
SHARE

ප්‍රතිසංවර්ධනය කරන ලද කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ධාවන පථය ගුවන් මෙහෙයුම් සඳහා හෙට විවෘත කෙරෙනවා.

ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 750ක්. ධාවන පථයේ නවීකරණ ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි 6 වැනිදා. චීනයේ කැතික් ඉංජිනේරු සමාගම ඉදිකිරීම් බාරව ක්‍රියාකළ අතර නේදර්ලන්ත උපදේශන සමාගමක් එහි අධීක්ෂණය සිදුකළා.

2006 වසරේ ධාවනය පථය නවීකරණ්‍ය කළ යුතු වුවද විවිධ හේතූන්නිසා එය කල්දමා තිබුණා. වත්මන් රජය බලයට පත්වීමත් සමග එහි නවීකරණ කටයුතු ආරම්භකළා.

මීටර් 3,375 දිගින් යුත් ධාවන පථය ලෝකයේ නවීණ තාක්ෂණික ක්‍රම රැසක් උපයෝගී කරගෙන නවීකරණය කිරීම විශේෂත්වයක්. ප්‍රතිසංවර්ධනය කරන ලද ධාවන පථයට ප්‍රථමයෙන් පැමිණෙන්නේ ශ්‍රී ලංකන්ගුවන් සමාගමට අලුතින් මිලදී ගන්නා ලද යූ.එල් 1162 දරන ගුවන් යානයයි.

කටුනායක ගුවන් තොටුපොළ දිනකට ගුවන්යානා 175ක් 180ත් අතර සංඛ්‍යාවක් මෙහෙයවන අතර වාර්ෂිකව හසුරුවන ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 6කට අධිකයි.

නව මගී පර්යන්තයක් ඉදිකෙරෙන අතර 2019 වසරේ එයි විවෘත කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපොළ දෙවැනි වන්නේ සිංගප්පූරුවට පමණක් බව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site