Home News Sports ලැබෙන ඕනෑම අවස්ථාවක උපරිමයෙන් ක්‍රීඩා කරනවා

ලැබෙන ඕනෑම අවස්ථාවක උපරිමයෙන් ක්‍රීඩා කරනවා

284 views
SHARE

20/20 තරඟයක් ජයග්‍රහණය කිරීමට අත්දැකීම් වඩා වැදගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පවසයි.

තමන්ට කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබෙන ඕනෑම අවස්ථාවක උපරිමයෙන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බව ඔහු සඳහන් කළේය.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති පළමු 20/20 තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී එම තරඟයේ වීරයා සම්මානය හිමිකරගත් කුසල් ජනිත් පෙරේරා මෙම අදහස් පළ කළේය.

ඊයේ(4) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එහිදි කුසල් ජනිත් පෙරේරා ලකුණු 77ක් ලබාගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට මග විවර කළ අතර තරඟයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site