Home News Breaking පාසල් ළමුන්ට ලැගුම් හලක් වූ දඹුල්ලේ මිනි සිනමාහල මුද්‍රා තබයි

පාසල් ළමුන්ට ලැගුම් හලක් වූ දඹුල්ලේ මිනි සිනමාහල මුද්‍රා තබයි

244 views
SHARE

දඹුල්ල නගරයේ බස්නැවතුම්පොල උඩුමහලේ පවත්වාගෙන ගිය මිනිසිනමා ශාලාව දඹුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ අණකිරිමෙන් මුද්‍රාතබා වසා දමා තිබෙනවා.

ඒ දඹුල්ල නගරයට පැමිණෙන අඩු වයස් දරුවන්ට ලැගුම්හලක් සේ භාවිත කිරීමට ඉඩ ලබා දීම හේතුවෙන්.

දඹුල්ල නාගරික කොමසාරිස්තුමියගේ කාර්යාල ආරංචි පැවසුවේ මිනිසිනමාවෙන් නිසි වෙලාවට නගර සභාවට අයවියයුතු මුදල් ද ලැබී නොමැති බවයි.

රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් ගෙවා නොමැති අතර පසුගිය වාරයේ ලබාදී ඇති චෙක්පත් ද අගරුවී ඇතිබව නගරසභාව සඳහන් කළා.

දඹුල්ල නගරයට පැමිණෙන පාසල් ළමුන්ට මෙන්ම උපකාරක පන්ති සඳහා පැමිණෙන දරුවන්ට සිනමාහල ලැගුම් හලක් මෙන් භාවිතයට ලබාදෙන බවටද පැමිණිලි ලැබී තිබුණු බව දඹුල්ල නාගර සභාව පවසනවා.

ඒ අනුව පොලිසිය වටලන අවස්ථාවේ අවුරුදු 17ක පිරිමි ළමයෙකු හා අවඅරුදු 16ක ගැහැණු ළමයෙකු එහි සිට තිබෙනවා.

ඔවුන්ගේ හැදුණුම්පත් පරික්ෂා කළ පොලීසියේ කාන්තා නිලධාරින් හා දඹුල්ල මහනගර සභාවේ නිලධාරීන් ඔවුන්ව මුදා හැර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site