Home News Breaking හදිස්සියේම විශේෂ පොලිස් කොට්ඨාසයක් පිහිටුවූ හේතුව

හදිස්සියේම විශේෂ පොලිස් කොට්ඨාසයක් පිහිටුවූ හේතුව

247 views
SHARE

ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලීසීය විසින් විශේෂ පොලිස් කොට්ඨාසයක් පිහිටුවා තිබේනවා .

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ලෙස මෙය ආරම්භ වී ඇති අතර කොළඹ 12, මිහිඳු මාවත, අංක 09 දරණ ස්ථානයේ මෙය පිහිටා ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස්පති පූජිත ජයසුන්දර ගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ගේ අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති මෙම විශේෂ කොට්ඨාසය මඟින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සංවිධානාත්මක අපරාධ, අපරාධ කල්ලි මුල්වන අපරාධ විමර්ශන හා එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම විශේෂයෙන් මත්ද්‍රව්‍ය, ගිනි අවිවලින් සිදුවන අපරාධ මැඩ පැවැත්වීම සිදුකෙරෙන අතර මෙම කොට්ඨාසය පොලිස් අධිකාරියරයෙක් යටතේ පිහිටුවා ඇත.

මෙය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර අදාළ තොරතුරු වෙතොත් පහත් අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි.

දුරකථන අංක – 011-2326229 හෝ 011-2451397

විද්‍යුත් තැපැල් – [email protected]

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site