Home News Breaking නාදුනන මළ සිරුරක් අම්බලන්ගොඩින් සොයා ගැනෙයි

නාදුනන මළ සිරුරක් අම්බලන්ගොඩින් සොයා ගැනෙයි

266 views
SHARE

අම්බලන්ගොඩ ධීවර වරායේ නතර කර තිබෙන බෝට්ටු අතර තිබී පිරිමි අයෙකුගේ මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළා.

නාදුනන අයෙකුගේ මළ සිරුරක් මුහුදේ පාවෙමින් තිබෙන බවට අම්බලන්ගොඩ ධීවර වරායේ ආරක්ෂක නිලධාරීන් විසින් පොලීසියට දැනුම් දීමෙන් පසුව එහි ගිය පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබෙනවා.

එම පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ මෙම මළ සිරුර කුලී‍ගොඩ,මහරුප්පේ පදිංචි තිරිමාදුර සමන් කුමාර නැමති හතලිස් තුන් හැවිරිදි ධීවර කාර්මිකයෙකුගේ බවයි.

එම තැනැත්තා මුහුදු රස්සාවට යන බව නිවැසියන්ට පවසා හතර වැනි දින සවස පහට පමණ නිවසින් පිටවී ගිය බව මියගිය අයගේ බිරිද පොලීසියට පැවසූ බව පොලීසිය සදහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site