Home News Breaking තනතුරු ගන්න සිරිකොතට ආ එජාප ලොක්‌කෝ හිස්‌ අතින්ම යයි

තනතුරු ගන්න සිරිකොතට ආ එජාප ලොක්‌කෝ හිස්‌ අතින්ම යයි

308 views
SHARE

පක්‍ෂයේ නව තනතුරු අපේක්‍ෂාවෙන් ඊයේ (05 වැනිදා) පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට උද්යෝගයෙන් සහභාගි වූ එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන්ට හිස්‌ අතින්ම ආපසු යන්නට සිදුවූ බව වාර්තා වනවා.

ඒ පක්‍ෂ නායකඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මාසික කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ නව තනතුරු වෙනසක්‌ සිදු නොවුන නිසායි.

ඊයේ පැවැති එම රැස්‌වීමේදී තනතුරු වෙනසක්‌ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ කිසිදු අදහසක්‌ ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඊයේ දින න්‍යාය පත්‍රයේ ද ඒ සම්බන්ධව කිසිදු සඳහනක්‌ නොවූ බව එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයෙක්‌ සඳහන් කළා.

ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට ප්‍රථමයෙන් එජාප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක්‌ අග්‍රාමාත්‍යවරයා සමඟ ඔහුගේ නිල කාමරයේ විශේෂ සාකච්ඡාවක්‌ ද පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

පක්‍ෂයේ තනතුරු වෙනසක්‌ ඊයේ දින සිදු නොවන බවට තේරුම්ගත් සරත් ෆොන්සේකා වේලාසනින්ම සිරිකොත මන්දිරයෙන් පිටව යනු දක්‌නට ලැබුණු බව වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site