Home News Breaking නිල් බළකායට මිලියන 14ක් ලැබුනේ කොහොමද – අභිරහස සොයා මෙහෙයුම්

නිල් බළකායට මිලියන 14ක් ලැබුනේ කොහොමද – අභිරහස සොයා මෙහෙයුම්

256 views
SHARE

නිල් බළකායේ තරුණ තරුණියන් පිරිසකට ලබා දී තිබෙන නායකත්ව වැඩමුළුවකට රුපියල් මිලියන දහහතරක මුදලක් ලැබීමේ අභිරහස හෙළිදරව් කරගැනීමට බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වසර 2014 ඔක්තෝබර් මාසයේ සිට වසර 2015 ජනවාරි දෙවනිදා දක්වා මෙම වැඩමුළුව ජාතික තරුණ සේවා සභාවේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා රුපියල් ලක්ෂ තිස්පහක පමණ මුදලක් වැය කර තිබෙන්නේ තරුණ සේවා සභාව බවත් සියලු නීති රීති උල්ලංඝනය කරමින් දේශපාලන පක්ෂයක උවමනාවට තරුණ සේවා සභාව මේ මුදල් වැය කර තිබෙන බවත් විමර්ශනවලදී හෙළිවී ඇති බව සඳහන්.

රුපියල් මිලියන දහහතරක මුදල මෙම වැඩමුළුව සඳහා ලබාගත්තේ කෙසේදැයි යන්න තවමත් අභිරහසක්ව පවතිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉකුත් 31දා කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරනගෙන තිබෙනවා.

එවකට සිටි ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් මේ හා සම්බන්ධව විමර්ශන සිදු කරගෙන යන බවද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site