Home News Breaking ලන්ඩන්වලින් ගෙයක් ගත්ත අලුත්ගමගේ කවුද ?- රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරවුවක්

ලන්ඩන්වලින් ගෙයක් ගත්ත අලුත්ගමගේ කවුද ?- රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරවුවක්

437 views
SHARE

අලුත්ගමගේ නමැති මන්ත්‍රීවරයකු විසින් ස්‌ටර්ලින් පවුම් තුන් ලක්‌ෂ විසිදහසකට ලන්ඩනයේ නිවසක්‌ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධව ලිපි ලේඛන සියල්ල මූල්‍ය අපරාධ අංශයට භාර දෙන බව සමාජ සේවා සහ සමාජ සුබසාධක නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

විනිසුරුවරුන්ගේ වැටුප ඉහළ දැමීමට අදාළ විවාදයට එක්‌වෙමින් රන්ජන් රාමනායක මෙසේද කියා සිටියා.

“එංගලන්තයේ ඉඩම් අමාත්‍යාංශයට පවුමක මුදලක්‌ ගෙව්වාම ලිපි ලේඛන ලබා ගත හැකියි. මගේ මිතුරකු වන හෑගොඩ නමැත්තකු හරහා මම ලන්ඩන් ඉඩම් අමාත්‍යාංශයෙන් ලබාගත් ලිපි ලේඛන කිහිපයක්‌ සභාගත කරනවා.

2008 සැප්තැම්බර් 09 වැනිදා ස්‌ටර්ලින් පවුම් 320,000 ක්‌ ගෙවා ලන්ඩන්වල නිවසක්‌ මිලදී ගෙන තිබෙනවා අඹන්පොලගේ ආශා විජයන්ති අලුත්ගමගේ සහ තවත් අලුත්ගමගේ කියන නම තියෙන පුද්ගලයෙක්‌. මේ නිවස ගත් අලුත්ගමගේ කවුද කියා මම දන්නේ නෑ.”

එහිදී එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ඔහුගේ නමෙත් අලුත්ගමගේ කොටසක් අඩංගු නිසා මෙලෙස ප්‍රතිචාර දක්වනු ලැබුවා.

“අලුත්ගමගේ කියන නම පාවිච්චි කළා. අලුත්ගමගේලා කිසිම දවසක හොරකම් කරලා නෑ. ලිඛිතව තිබෙනවා නම් සභාගත කරන්න. හොරකම කළ අලුත්ගමගේ ගේ නම කියන්න.”

නියෝජ්‍ය අමාත්‍යවරයා නැවතත් අදහස් දක්වමින් “අලුත්ගමගේලා කවදාවත් හොරකම් කරන්නේ නෑලු. මෙහි පැහැදිලිව ලිපිනය තියෙනවා. මේ නිවස පවුම් 320,000 කට මිලදී ගෙන පසුව පවුම් 470,000 කට විකුනා තිබෙනවා. මේ ගැන සොයා බැලිය යුතුයි.” යනුවෙන් කියා සිටියා.

එහිදී එජාපයේ නලින් බණ්‌ඩාර අදහස් දක්වමින් මෙසේ ප්‍රශ්න කර සිටියා.

“ඔය කියන්නේ කවුරුන් ගැනද කියා අපි දන්නවා. ඔහු මාධ්‍ය තුළින් නිතර ටොප් ටෙන් ගැන කතා කළා. ඔය කියන්නේ ආණ්‌ඩු පක්‌ෂයේ අලුත්ගමගේ ගැන නොවේ විපක්‌ෂයේ අලුත්ගමගේ ගැන. ඔහුත් ටොප් ටෙන් එකට වැටෙනවාද?”

“ටොප් ඉලෙවන් කියා දමතෑකි. මේ නම මට ලැබුණා. මීතලාවේ මහින්දානන්ද අලුත්ගමගේ.” යනුවෙන් රන්ජන් රාමනායක නම සභා ගත කරනු ලැබුවා.

එහිදී වාසුදේව නානායක්‌කාරදැක්වූ අදහස් “රන්ජන් රාමනායක මහතාට මම ප්‍රශංසා කරනවා අයථා කටයුතු හෙළිදරව් කිරීමට දරන උත්සාහය ගැන. ඒත් සභාවේ මන්ත්‍රීවරයකුගේ චරිතය, අයථා ගනුදෙනු ගැන සඳහන් කරද්දී ඔහුට පිළිතුරු දිය හැකි වෙලාවක කරන්න. නැතිනම් ඒ සඳහා යෝජනාවක්‌ ගෙන්න.”

“එතුමාට අවස්‌ථාව තිබෙනවා. මේ ලියවිලි සභාගත කළ නිසා ඊළඟ දිනයේ මේ ගැන කියන්න. ඔබතුමාටත් ලියවිලි බලතෑකි. එංගලන්තය සාවද්‍ය ලිපි ඉදිරිපත් කරන්නේ නෑ.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site