Home News Breaking ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ ජීවිත අවදානමේ – අත්‍යවශ්‍ය ඖෂධයක් රෝහල් වල නෑ

ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ ජීවිත අවදානමේ – අත්‍යවශ්‍ය ඖෂධයක් රෝහල් වල නෑ

352 views
SHARE

ඉන්ෆ්ලුවන්සා රෝග කාරක වෛරසය මැඩ පැවැත්වීම සඳහා ලබාදෙන ‘ඇමීෆ්ලූ’ ඖෂධය රෝහල්වල නොමැති වීම හේතුවෙන් ඉන්ෆ්ලුවන්සා රෝගීහු මහත් අසීරුවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම ඖෂධය පෞද්ගලික අංශයේ පවා නොමැති වීම හේතුවෙන් රෝගීන් මහත් සේ බියට පත්ව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසා සිටියා.

මෙම ඖෂධය ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳී රෝහල්ගත කරන ගර්භණී මව්වරුන් සඳහා සහ අසාධ්‍ය රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් වන අතර එය නොමැති වීම ජීවිත අවදානමකට හේතුවක් වන බවද ඔහු පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරියකුගෙන් සඳහන් කළේ මෙම ඖෂධය සැපයුම් අංශයේ නොමැති බවත් එය ඇනවුම් කිරීමට කටයුතු කර ඇති නමුත් තවමත් ලැබි නොමැති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site