Home News Sports ලසිත් මාලිංග වාර්තා පොත් අතරට එද්දී ජය බංගලාදේශයට

ලසිත් මාලිංග වාර්තා පොත් අතරට එද්දී ජය බංගලාදේශයට

428 views
SHARE

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවති 2වන සහ අවසන් විස්සයි විස්ස තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට ලසිත් මාලිංග සමත් වුණා.

මුෂ්ෆිඛර් රහීම් ,මෂ්රෆේ මොටාසා ,මෙහෙදි හසන් යන පිතිකරුවන් මෙහිදී මාලිංගගේ පන්දු හමුවේ දැවී ගියා.

විස්සයි විස්ස තරඟයක කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 5 ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා පොත් අතරට එක්වුණ අතර මෙය ඔහු ජාත්‍යන්තර තරගවලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 4 වන අවස්ථාවයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති 20 යි 20 තරගාවලිය අද ජය පරාජයෙන් තොරව අවසන්වුයේ දෙරට අතර පැවති දෙවන සහ අවසන් 20 යි 20 තරගයේ ජය ලකුණු 45කින් බංග්ලාදේශයට හිමිවීමත් සමගයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තා.

එහිදී ඉම්රුල් කයිස් 36 යි. ශකීබ් අල් හසන් ලකුණු 38 යි. සොවුම්ය සර්කාර් 34 ක් ලබාගත්තා. සිය අවසන් 20 යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ මශ්රෆි මොටාසා ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්වුනා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දු වාර 18 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 131 පමණයි.

චාමර කපුගෙදර 50 යි. අසේල ගුණරත්න සහ මිලින්ද සිරිවර්ධන කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්වුනා. නායක උපුල් තරංග 23 යි. කුසල් පෙරේරා සහ ඩිල්ෂාන් මුණවීර ලකුණු 4 බැගින් ලබාගත්තා.

පන්දු යැවීමේදී මුශ්ෆිකර් රහීම් කඩුලු 4 ක් සහ ශකීබ් අල් හසන් කඩුලු 3 ක් බිඳහෙලුවා.

තරගයේ වීරයා ලෙසට ශකීබ් අල් හසන් සම්මාන ලැබු අතර තරගාවලියේ වීරයා වුයේ ලසිත් මාලිංග යි.

ලකුණු සටහන පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site