Home News Politics ජනාධිපතිවරයා වමට සිග්නල් දමා දකුණට හැරවූ වාහනය මෙවර වමට සිග්නල් දමා වමට...

ජනාධිපතිවරයා වමට සිග්නල් දමා දකුණට හැරවූ වාහනය මෙවර වමට සිග්නල් දමා වමට හරවයි ඩිලාන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න VOICE

442 views
SHARE

මැයි දිනය පමණක් නොව අනෙකුත් දේශපාලන ප්‍රශ්න පවා ජාතිවාදීන් සහ ආගම්වාදීන් විසින් දේශප්‍රේමයේ පිරුවටයට යට කරන තත්ත්වයක් ගොඩනැගී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ මොහොත වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මැයි රැළි දෙකක් පැවැත්වෙන නමුත් ජාතිවාදී පිරුවටයෙන් ඔතා ඇති දේශප්‍රේමය සැබෑ දේශප්‍රේමය නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ මිත්‍රයන්ට පක්ෂයක් ලෙස සඳහන් කලා.

ශ්‍රීලනිපය යනු වාමවාදී ,ජාතිකවාදී, ස්වදේශකවාදී පදනමක් මත සමාජ ප්‍රජාත්නත්‍රවාදී දර්ශනයක් තුළ පිහිටවූ පක්ෂයක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා කියා සිටියේ සම්මුතිවාදී ආණ්ඩුවේ ඇතැම් ශ්‍රීලනිප මැති ඇමතිවරු වාමවාදී, ජාතිකවාදී, ස්වදේශකවාදී, පක්ෂය දක්ෂිණාංශික එජාපයේ ඔඩොක්කුවට දමන්නට උත්සාහක දරමින් සිටින බවයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුක්තව මෙවර මහනුවර ගැටඹේ පැවැත්වෙන මැයි දිනයේදී ලංකාවේ දේශපාලන වශයෙන් වැදගත් වන වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යාමට බලාපොරොත්තු තබාගත හැකි යැයිද අවධාරණය කලා.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට වමට සිග්නල් දමා දකුණට හැරවූ වාහනය මෙවර වමට සිග්නල් දමා වමට හැරවීම අපහසු නොවන බවයි.

එම හඬ පටය මෙන්න

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site