Home News Breaking හවුල අවුලක් වෙලා – ටිල්වින් සිල්වා හදවතින්ම කියූ කතාව

හවුල අවුලක් වෙලා – ටිල්වින් සිල්වා හදවතින්ම කියූ කතාව

1,440 views
SHARE

හවුල් ආණ්ඩුව අවුලක් වෙලා කියලා බොහෝ කතා මතු වෙනවා .ඔබ කොහොමද මේක දකින්නේ ?

තනි තනිව ආණ්ඩුවක් හදා ගන්න බැරි නිසා තමයි දෙගොල්ලෝ එකතු වුණේ . සමගිව රට හදන්න හොදම අවස්ථාව කිවුවට මෙතන තියෙන්නේ සමගියක් නෙමෙයි බලය සදහා වූ එකතුවක් . එකිනෙකාට පැහෙන්නෙ නැති නිසා අරාජික වෙලා . ආණ්ඩුවේ හවුල අවුලක් වෙලා. ඒ දෙගොල්ලන්ගේ ම ප්‍රතිපත්ති වැරදි යි . වැරදි දෙකක් එකතු වුණාම හොදක් වෙන්නේ නැහැනේ. ඒ නිසයි රටේ ප්‍රශ්න නොවිස දී රට අර්භුදයකට යන්නේ.

කැබිනට් සංශෝදනයක් හරහා මෙම අවුල විසදන්න ආණ්ඩුව උත්සහ කරනවා නේද ?

රටේ තියෙන බරපතල ප්‍රශ්න වලට උත්තර හොයන්න බැහැ කැබිනට් මාරුවකින් . මාරු කල යුත්තේ මේ රටේ තිබෙන සමාජ ආර්ථික ක්‍රමය. මේ ආණ්ඩුව නිසා රටේ ජනතාවට සිද්ධ වෙනවා රජය සහ ක්‍රමය කියන දෙකම මාරු කරන්න. කැබිනට් සංශෝදනයකින් වෙන්නේ මේ ඉන්න ඇමැතිවරුන් ම එහාට මෙහාට තල්ලු වෙන එක. දාන් ලෑල්ලේ ඉත්තෝ එහාට මෙහාට කරාට දිනන්න බැහැ වගේ තමයි කැබිනට් සංශෝදන වලින් රටේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න බැහැ .

විපක්ෂයක් ලෙස ජවිපෙ පණ මදි කියන චෝදනාව තවම එල්ල වනවා නේද ?

ඒකාබද්ද විපක්ෂය කියන කණ්ඩායම විපක්ෂයක කාර්ය බාර්ය කියලා කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ කෑ ගහන එක, පාර්ලිමේන්තුවේ බුදිය ගන්න එක, පාර්ලිමේන්තුව කල් තියන එක, උපවාස කරන එක වගේ දේවල්. පාර්ලිමේන්තුවේ ඉන්න සේරටම වඩා රටේ ජනතාව වෙනුවෙන් ජවිපෙ පාර්ලිමේන්තුව නියෝජනය කරන හය දෙනා රටේ ප්‍රශ්න කතා කරලා තියෙනවා . ඒ නිසාම තමයි පාර්ලිමේන්තුවේ මැදිහත්වීම් සම්බන්දයෙන් සොයා බැලූ වෙබ් අඩවියක් පාර්ලිමේන්තු මැදිහත්වීමේ හොදම මන්ත්‍රීවරයා ලෙස ජවිපෙ නායක අනුර සහෝදරයා ඇතුළු අපේ කාණ්ඩය නම් කරලා තියෙන්නේ. එකාබද්දය කියන්නේ ජෝකර්ලා ටිකක් විතරයි.

ඔය මොනවා කිවුවත් අල්ල ගත්ත හොරෙක් නැහැනේ තවම ?

ඔව් ඇත්තනේ. මේ ආණ්ඩුව පත් වෙනකොට ම ආණ්ඩුව ඇතුලට හොරු කණ්ඩායමක් ගියා. ආණ්ඩුවේ ඇතුලේ ඉන්න හොරු ගැන පරීක්ෂණ කරන්න බැහැ. එළියේ ලොකු හොරු ගැන පරීක්ෂණ කරන්නත් ආණ්ඩුව කැමති නැහැ. ඒවගේම තමයි දැන් ආණ්ඩුවට වංචා දුෂණ සම්බන්දයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ සදාචාර අයිතියත් නැති වෙමින් යන්නේ. මොකද රජය බලයට පත්වූ විටම මතුවූ මහා බැංකු හොරකමක් සිදුවුණා. බැදුම් කර වංචාව ඔප්පු වෙමින් තිබියදීත් ඒ හොරුන්ට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. නොකළ බැරි නිසා සාමාන්‍ය පංතියේ එක්කෙන් දෙන්නෙක්ට මොනවා හරි කලාට ඉහල පංතියේ හොරු ටිකට මුකුත් වෙන එකක් නැහැ.

ඒ කියන්නේ ආණ්ඩුවට කොන්දක් නැහැ කියන එක ද?

කොන්දකුත් නැහැ වුවමනාවකුත් නැහැ. උදාහරණයක් ලෙස තාජුඩින් ඝාතනය තොරතුරු වසන් කළා කියලා අනුර සේනානායක ඇතුලේ නමුත් ඝාතනය කළ අය එළියේ. එහෙම වෙන්නේ කොහොමද? මේක පුදුම නීතියක් මේකෙන් පේන්නේ පංතියට සැළකීමේ තරම

පළාත්පාලන මැතිවරණය සම්බන්දයෙන් ජවිපෙ අරගලය කොතන ද ?

තවත් කල් නොදා පැවැත් විය යුතුයි . අලුත් මැතිවරණය විකෘර්තියක් . වැරදි සහගත ජන්ද ක්‍රමය නිවැරදි කර ගන්නා තුරු පළාත්පාලන මැතිවරණය කල් නොමරා පැරණි ක්‍රමයට පවත්වන්න කියලා අපි කියන්නේ.

නමුත් දේශපාලන ආරංචි මාර්ග කියන්නේ මේ වසරේදී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවක් නේද ?

ඔව් . ජන්දෙකට මේ ආණ්ඩුව බයයි . මහා මැතිවරණය පහලින් තියෙන මොන ජන්දයක් ආවත් ඒ ජන්දෙට තරග වදින්න ගිය ගමන්ම මේ ආණ්ඩුවේ පැවැත්ම අර්භුදයකට යනවා .ඒ වගේම ශ්‍රීලනිපයේ දැනට තිබෙන බෙදීම නිල වශයෙන්ම තරවුරු වෙනවා.

ඉදිරියේදී පැවැත්වෙන කුමන හෝ ජන්ද ක්‍රමයකින් රාජපක්ෂලාට නැවත බලගත වීමේ හැකියාවක් තිබෙනව ද ?

අපි නම් හිතන්නේ නැහැ . 2015 දී සියලු බලයන් තිබියදීත් ඔවුන් පැරදුනානම් දැන් පක්ෂේ කැඩිලා, දුර්වල වෙලා , නඩු වැටිලා, බලය අඩු වෙලා ඉන්න තත්වයක් තුළ ඔවුන්ගේ කණ්ඩායමට බලයට එන්න පුළුවන් කමක් නැහැ . ඔවුන් හිතහදා ගන්නයි ආණ්ඩු පෙරලනවා කියල කියන්නේ

ජවිපෙ සහෝදරයින් කොහොමද නැවත කථා බහට ලක්වෙමින් තිබෙන ජිනීවා සාකච්චා සම්බන්දයෙන් පැවැත්වෙන මානවහිමිකම් ප්‍රශ්නය දකින්නේ ?

තමන්ගේ රටේ ඉන්න කළු ජාතිකයන්ට මානව හිමිකනම් දෙන්නේ නැති ඇමරිකාව මේ හදන්නේ මානව හිමිකම් දඩමීමා කරගෙන අපිව හසුරුවන්න .සිහි භුද්දිය තියෙන අපේ ආණ්ඩුව කල යුතුතේ හිතවත්කම් වලට මේවා බැරි බව තේරුම් අරන් මෙවැනි චෝදනා එල්ල නොවන තැනට කටයුතු කිරීම. ප්‍රජාත්‍රන්තවාදය රටේ ස්ථාපනය කිරීමත් මානව හිමිකම් රැකීම තුළයි මෙවන් දේවල් නැති කර ගත හැක්කේ.

හම්බන්තොට වරායෙ අරගලය වතුරේ ගිය නේද ?

අපි දන්නා විදියට ඔය කැබිනට් තීරණය ගැනත් ප්‍රශ්න මතු වෙලා. ආණ්ඩුව තුළත් ගැටළු මතු වෙලා. කොහොමවුණත් රාජ්‍ය දේපල කුමක් හෝ විකිණීම සම්බන්දයෙන් අපි සම්පුර්ණයෙන් විරුද්ධයි . නැවත මේවා විකුනන්න හදනවා නම් සියළු සේවකයින් රටේ ජනතාව එකතු කරගෙන දැවැන්ත විරෝධයක් ඇති කරනවා. රටේ ආර්ථිකය ගොඩ ගැනීමට නම් රටේ නිෂ්පාදන ඇති කර ආණ්ඩුවේ නාස්තිය අවම කර ගත යුතුයි . රාජ්‍ය දේපල විකුණලා දවසේ වේල හම්බකර ගෙන කාල හරි යන්නේ නැහැ.

2020 ජවිපෙ ගෙන එන බලවේගයේ සැලසුම් කොහොමද ?

වසර 68 ක පාලනය අසාර්ථකයි. රට වෙනස් දේශපාලන මගකට ගෙන යාම සදහා වූ ජනතා බලවේගයක් ගොඩ නගන්න අපි ජනතාවට ආරාධනා කරනවා . දැනටමන් ඊට අදාල සුදුසු බලවේග සමග කතා කරගෙන යනවා . මේ වන විට සාර්ථකයි. පැරණි පාලන ක්‍රම මතම එලබගෙන නොසිට රට අළුත් කරන නව බලවේගයකට අවතීරණ වෙන්න කියල අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා .

ජනතාවට හිතන්න රටේ බිහිවෙලා තියෙන බලවෙග නම් බොහොම යි .රතන හාමුදුරුවෝ එක පැත්තකින්, පොදුජන පෙරමුණ තව පැත්තකින්. ජවිපෙ බලවේගය ට මේවා අභියෝගයක් නෙමෙයිද ?

මේවා බලවේග නෙමෙයි. රතන හාමුදුරුවෝ පුද්ගල චරිතය ගොඩ නගා ගන්නවා. බලවේග කියන්නේ සිවිල් සංවිධාන, ගොවි ජනයා, කළා සංකෘති ශේෂ්ත්‍රයන් මාධ්‍යවේදීන් ආදිය තමයි බලවේගයන්. ඒවා ඒකරාශී කර ගනිමින් ඉන්නවා . අපේ පළමු පැයේ කටයුතු සාර්ථකයි . ඒ නිසා විස්වාසයි 2020 දැවැන්ත ජනතා මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා. අපි ලග පටු අරමුණු නැහැ . අපේ උත්සාහය නව සමාජ ආර්ථික ක්‍රමයක් හැදීම

අවසානයේදී දෙයක් අහන්න තියෙනවා . දේශපාලනිකව ඔබ සතුටින්ද ඉන්නේ ?

සහතිකවම ඔව් . අපි හොරකම් වංචා කලේ නැහැ. සත්‍ය වෙනුවෙන් සටන් කලා . අපි ජිවිත කාලය රටේ ජනතාව වෙනුවෙන් කැප කළා. ජනතාවට බොහෝ දේවල් දිනා දීලා තියෙනවා.

සංවාද සටහන – C NEWS ආශ් වරු

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site