Home News International ඇමෙරිකාව සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට පහර දෙයි PHOTOS

ඇමෙරිකාව සිරියාවේ ගුවන් හමුදා කඳවුරකට පහර දෙයි PHOTOS

223 views
SHARE

සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට පෙරළා පහරදීමක් වශයෙන් ඇමෙරිකාව සිරියානු රජයේ කඳවුරු ඉලක්ක කරමින් ගුවනින් පහර දී තිබේනවා.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග පිරිදි සිරියානු රජයේ ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකානු යුද නැව්වල සිට ටොම්හෝක් වර්ගයේ කෘෘස් මිසයිල 50-60 ක් පමණ එල්ල කෙරිණි. රසායනික අවි ප්‍රහාරයට යොදාගත් බව කියන ගුවන් යානා කිහිපයක් එම කඳවුරේ තිබි ඇත.

“රසායනික අවි ප්‍රහාරය එල්ල කරන ලද ගුවන් හමුදා කඳවුරට පහර දෙන ලෙස මම අද නියෝග කළා. ඔවුන් තහනම් කර ඇති රසායනික අවි භාවිත කළ බවට කිසිදු සැකයක් නැහැ“

“සිරියාව රසායනික අවි සම්මුතියත් කඩ කරලා තියෙනවා.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනතුරු ඇඟවීම් නොසලකා හැරලා තියෙනවා.සිරියා ජනපති අසාද්ගේ හැසිරීම වෙනස් කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වුණා“ යයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

ඇමෙරිකා ආරක්ෂක බලධාරියකු පැවසුවේ ප්‍රහාරයේදී ඉලක්ක කර ඇත්තේ ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථ, ගුවන් යානා හා ඉන්ධන පිරවුම් ස්ථාන බවයි. තවත් නියෝගයක් ලැබෙන තුරු ප්‍රහාර නවතා ඇතැයි ද ඔහු පැවසීය.

සිරියානු ජනපති බසාර් අල් අසාද් ගේ නායකත්වයට එරෙහිව ඇමෙරිකාව ගත් පළමු සෘජු තීරණය මෙයයි. සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයෙන් මිය ගිය දරුවන් ඇතුළු මිය ගිය පිරිසගේ ඡායාරූප දැක ට්‍රම්ප් කනස්සල්ලට පත් වූ බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පැවසීය.

2014දී හිටපු ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ගේ නායකත්වය යටතේ ඇමෙරිකාව සිරියාවේ ඉලක්ක වෙත පහර දුන්නේය. එහිදී ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත පහර දුන් නමුත් රජයේ කඳවුරු වෙත පහර දීමක් නොවිණ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site