Home News Breaking මුදල් අමාත්‍යාංශයට අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරේ ඇයි? මෙන්න හේතුව

මුදල් අමාත්‍යාංශයට අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරේ ඇයි? මෙන්න හේතුව

234 views
SHARE

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් පත් කර තිබේනවා .

මෙම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කරයි. ඊට අදාළ පත් වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරිණි.

මෙම පත් කිරීම් වෙනුවෙන් අදාළ මන්ත්‍රීවරුන්ට කිසිදු විශේෂ ගෙවීමක් හෝ පහසුකම් සැලසීමක් සිදු නොකරන අතර, ඔවුහු මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව සිටිති.

සම්මුතිවාදී රජය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ මග පෙන්වීම මත, රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය තවදුරටත් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස මෙම පියවර ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් ප්‍රකාශ කරයි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site