Home News Breaking අගමැති නියෝගය විසිවෙමින් ජනපති නියෝගය ක්‍රියාත්මකවූ හැටි

අගමැති නියෝගය විසිවෙමින් ජනපති නියෝගය ක්‍රියාත්මකවූ හැටි

1,241 views
SHARE

රාජ්‍ය නොවන සංවිධානවල සහ පෞද්ගලික ආයතනවල ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කෞතුකාගාර පරිශ්‍රය ලබාදීමට ගෙන තිබූ තීරණය අවලංගු කරන ලද බව කැබ්නට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

පෞද්ගලික ආයතනවල ප්‍රචාරක කටයුතු සඳහා කෞතුකාගාර පරිශ්‍රය ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකසන ලෙසත් එලෙස ක්‍රමවේදයක් සැකසීම පිණිස කමිටුවක් පත්කරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කර ඇති නියෝගය ක්‍රියාත්මක නොවන බවද ඇමැතිවරයා සඳහන් කළා

කෞතුකාගාර පරිශ්‍රය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් සඳහා ලබා දීමට ක්‍රමවේදයක් සැකසීම පිණිස අගමැතිවරයා විසින් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු පංච පුද්ගල කමිටුවක් පිහිටුවීමට නියෝග කර තිබිණි.

මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කෞතුකාගාර අධ්‍යක්ෂිකා තනුජා කස්තුරිආරච්චි හට ලිඛිතව සිදු කළ දැනුම් දීමකින් කෞතුකාගාර පරිශ්‍රය කිසිදු පෞද්ගලික ආයතනයක ප්‍රචාරාත්මක කටයුත්තක් වෙනුවෙන් ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site